සෝදිසි මෙහෙයුමෙන් හමුවූ අමුත්තන්

Share

 

ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර තටාකයක සඟවා සිටි බටු කැස්බෑවන් රැසක් සොයාගෙන තිබේ.

සොයාගන්නා අවස්ථාව වන විටත් එම කැස්බෑවන් අතුරින් විශාල පිරිසක් මියගොස් සිටි බව වාර්තා වෙයි.

ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් අතරතුර එතාවා දිස්ත්‍රික්කයේ තටාකයක සඟවා සිටි බටු කැස්බෑවන් 600 දෙනෙකු සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් සොයාගන්නා අවස්ථාව වන විටත් එම කැස්බෑවන් අතුරින් 482 දෙනෙකු මියගොස් සිටි බව වාර්තා වෙයි.

කැස්බෑවන් මෙලෙස සඟවන්නට පෙළඹෙන්නේ ජාවාරම්කරුවන් බව එරට පුවත් සේවා පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ සිය මෙහෙයුම පිළිබඳව දැනුවත් වූ කිසියම් තැනැත්තෙක් විවිධ ප්‍රදේශවලින් එකතු කරගත් මෙම කැස්බෑවන් තොගය මෙලෙස තටාකයට දමන්නට ඇති බවයි.

ඉන්දීය වනජීවී නීති යටතේ සංරක්ෂණය කර ඇති කැස්බෑවන් වෙළදාම් හෝ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරන්නන් උපරිම වසර 3 ක් සිර දඬුවමකට යටත් කිරීමේ හැකියාව පවතියි.

කැස්බෑවන් මරා මසට විකිණීම, කැස්බෑ බිත්තර වෙළෙඳාම, කැස්බෑ කටු හා පොතු ජාවාරම වැනි විවිධ පැතිකඩ ඔස්සේ මෙම කැස්බෑ ජාවාරම සිදුකෙරෙන බව දැක්වෙයි.

 

Read more

Local News