TNA තීරණයට ශිවාජිලිංගම්ගේ විරෝධය

Share

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණයට එහි සාමාජික පක්‍ෂයක් වන ටෙලෝ සංවිධානයෙන් විරෝධයක් එල්ල වී තිබේ.

ටෙලෝ සංවිධානයේ සභාපති එම් කේ ශිවාජිලිංගම්ගෙන් එම විරෝධය එල්ල වී ඇත.

ටෙලෝ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙක්කලනාදන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෝඩිෂ්වරන් එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරමින් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට අත්සන් තබා තිබිණි.

එහෙත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පමණක් සාකච්ඡා කර එවැනි තීරණයක් ගැනීම සුදුසු නොවන බව එම්.කේ සිවාජිලිංගම් ප‍්‍රකාශ කර තිබේ.

මතුව ඇති තත්ත්වයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව අද දිනයේ රැස්විමට නියමිතය.

Read more

Local News