දියේ ගිලී ළමුන් 2 ක් හා විදෙස් ජාතිකයෙක් මරුට – තවත් සිසුවෙක් අතුරුදහන්

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු හා විදෙස් ජාතිකයෙකු මියගොස් තවත් පාසල් සිසුවෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ චීන වරාය, මාබල් බීච් ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය පිරිසක් දියවැලකට හසුවී ගසාගෙන යාමෙන් ඒ අතර සිටි ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ ගලගෙදර, මඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.

මේ අතර පුස්සැල්ලෑව, සෙන්කුවාර් පහළ ප්‍රදේශයේ, ඩයිනමික්ස් විදුලි බලාගාරය අසළ ප්‍රදේශයේදී දියනෑමට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අතුරුදන් වූ එම පාසල් සිසුවා සෙවීමේ මෙහෙයුම් සිදුකරන බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ හබරණ ප්‍රදේශයේ , සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයෙකු ද එහි නාන තටාකයේ ගිලී මියගොස් ඇති බවයි.

Read more

Local News