වැලිකඩ රැදවියන්ට ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක්

Share

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් රැඳවියන් කිහිප දෙනෙකු බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවටත් වාර්තාවෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුයුක්ත සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් මෙම තත්ත්වය බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු සිදුකරමින් සිටියි.

Read more

Local News