ජනපති හා එජාපෙ අතර තවත් සාකච්ඡාවක් හෙට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ඊයේ පැවති අතර ඊට එක්වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ තම අදහස් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවයි.

එමෙන්ම තවත් සාකච්ඡාවක් හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News