කටුනායකට අලුත් ගුවන් යානා අංගනයක් එක්වෙයි

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නව ගුවන් යානා අංගනයක් ඉදි කිරීම ආරම්භ කර තිබේ.

දැනට පවතින ගුවන් යානා අංගනය තුළ ගුවන් යානා 24ක් පමණක් නවතා තැබිය හැක.

නව ගුවන් යානා අංගනය ඉදිකිරීමෙන් පසු තවත් ගුවන් යානා 25ක් පමණ නවතා තැබීමට හැකිවන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසන්නේ.

එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙමගින් ගුවන්තොටුපලින් ගුවන්ගත වන හා ගොඩබසින ගුවන් යානා වලට දැනට ඇති වී තිබෙන තදබදය හා ගැටලුකාරී තත්ත්වය විසදා ගැනීමට හැකි වන බවයි.

Read more

Local News