ලෝක ඒඩ්ස් දිනය අදයි

Share

ලෝක ඒඩ්ස් දිනය අද(01) ට යෙදී තිබේ. මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ “Know Your Status” යන්නයි

2025 වනවිට ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වූ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

එච්.අයි.වී. ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවිය යුත්තේ කා ළගට ද? එහිදී ප්‍රතිකාර සිදු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මූලික අරමුණ බවද වෛද්‍ය පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

මූලිකව ම වැදගත් වන්නේ මෙම රෝග තත්ත්වයන් පිළිබඳව දැනුවත් වීමයි. මීට අමතර ව ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් වීමත් හා ඒවා තුරන්කර ගැනීම සඳහා කටයුතු කරමින්, වැළදුණු රෝගීන්ට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත්වීම වැදගත් බව ද පබා පළිහවඩන මහත්මිය කියයි.

Read more

Local News