යතුරුපැදි අනතුරකින් කාන්තාවක් මරුට

Share

කුරුවිට පොලිස් වසමේ කුරුවිට එරත්න මාර්ගයේ සුදගල පාසල අසලදී කුරුවිට දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඊයේ(30) සවස සිදුවූ වූ මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් කළ පසු පැදිකාරියන් දෙදෙනා බරපතල තුවාල ලබා එරත්න රෝහලට ඇතුළත් කිරීමේදී එක් කාන්තාවක් මිය ගොස් තිබේ.

අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(01) දින සිදු කිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර  කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News