ලෝක ශූරයන් දිවයිනට පැමිණෙයි

Share

ඉන්දියාවේ පැවති විස්සයි 20 ශ‍්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා ශ‍්‍රව්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම අද (01) උදැසන දිවයිනට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔවුන් පිළිගනු ලැබුවේ ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසිනි.

මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම පරාජ කළේ ලකුණු 36 කිනි.

Read more

Local News