ට්‍රම්ප් හා ෂී ජින්පින් අතර තීරණාත්මක හමුවක්

Share

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද (01) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් විණි.

ලොව විශාලතම ආර්ථිකයන් දෙක නියෝජනය කරන ඇමරිකාවේ සහ චීනය අතර දැනට පවතින වෙළද යුද්ධය සමනය වනු ඇත්දැයි එම සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව තීරණය වනු ඇත.

ජී – 20 සමුළුවේ ලෝක නායකයන් අතර, ජනපති ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර අද රාත්‍රී භෝජන සාකච්ඡාවක නිරත වන අතර, එහිදී ඇමරිකාව චීනයට පනවා ඇති නව බදු සම්බන්ධයෙන් අදහස් හුවමාරු වනු ඇතැයි අපේක්ෂිතය.

Read more

Local News