සා.පෙළ ලියන අයට පණිවුඩයක්

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව, ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙවර විභාගයට අයදුම්කරුවන් 656,641 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 4661 කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 ක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

අයදුම්කරුවන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන ලෙසද ඔහු සඳහන් කළේය.

එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍රය ඇතුලූ අවශ්‍ය දෑ රැගෙන විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසද ඔහු අයදුම්කරුවන් වෙත සිහිපත් කළේය.

එමෙන්ම, විභාග සදහා පෙනී සිටින සිසුන්ගේ මානසික මට්ටම් පිළිබදව දෙමව්පියන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News