උතුරු පළාත් සභා ඇමතිනියගේ මුදල් වංචාව හොයන්න කමිටුවක්

Share

උතුරු පළාත් සභාවේ හිටපු පුනරුත්තාපන අමාත්‍ය ආනන්දි ශශිහරන්ගේ අමාත්‍යාංශයෙන් රුපියල් තුන්කෝටි විසි ලක්ෂයක මුදලක් වංචා වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ විසින් මෙම කමිටුව පත්කර තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. සිවඥානම් විසින් මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා වෙත පැමිණිලි කර තිබිණි.

ආනන්දි ශශිහරන් අමාත්‍යවරිය මෙම මුදල වංචා කොට ඇත්තේ උතුරු පළාතේ වකුගඩු රෝගීන් සහ හෘද රෝගීන් සඳහා සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලින් බව මෙම පැමිණිල්ලේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පත් කළ ති‍්‍රපුද්ගල කමිටුවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, ගණකාධිකාරී සහ උතුරු පළාත් සභාවේ විගණන අධක්‍ෂවරයා ද ඇතුළත්ව සිටියි.

Read more

Local News