බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය හෙට

Share

බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට (03) දිනයේ දී තීරණය කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග හෙට දින පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු එම තීරණය ගැනීමට නියමිත බව එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

පසුගියදා යළිත් වරක් ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් පහත හෙළීමට රජය පියවර ගත්තේය.

ඒ අනුව රුපියල් 111ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් වන අතර රුපියල් 136ක්ව පැවති සූපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් වේ.

Read more

Local News