චීනය හා ඇමෙරිකාව එකඟතාවකට පැමිණෙයි

Share

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීව ඊයේ පැවති සාකච්ඡාවේදී, වෙළඳ යුද්ධය සමනය කිරීමේ පියවරකට එකඟත්වයක් ඇතිවී තිබේ.

ඒ, ඇමරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැනවීමට නියමිත සියයට 25 ක බද්ද දින 90 ක කාලයක් සඳහා අත්හිටුවීමට.

ට්‍රම්ප් පරිපාලනය විසින් චීන භාණ්ඩ සඳහා මීට පෙර සියයට 10 ක බද්දක් පැනවූ අතර, එය ලබන වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර තිබිණි.

එය ක්‍රියාත්මක වීමට නියමිත භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 200 කට අධිකයි.

දින 90 ක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කරගැනීමට දෙපාර්ශවය ඊයේ කැමැත්ත පළ කළේය.

Read more

Local News