හෙරොයින් සමඟ තරුණයෙක් පොලීසියට කොටුවෙයි

8

හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 80 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) පස්වරු 04 ට පමණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස – සෙම්බරන්කොටුව ප්‍රදේශයේදීයි.

එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.