පැණිබීම නිසා රාජිත කම්පාවෙන්

Share

වෙළදපොළ තුල පැණිබීම සඳහා පනවා තිබූ බදු පහත හෙළීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ගැන අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් සියයට 70 ක් සිදු වන්නේ බෝනොවන රෝග වලින් බවත් එහි ප්‍රධාන රෝගයක් වන්නේ දියවැඩියාවයි බවත් ඒ මහතා පැවසීය.

දියවැඩියාව, අංශභාගය, හදවත් රෝග වැඩි වශයෙන් සීනි පරිභෝජනය කිරිම නිසා ඇති වන රෝග වන අතර දැනට දිවයින පුරා ජනගහනයෙන් සියයට 10 ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුව සිටින බවද මන්ත්‍රීවරයා කල නිවේදනයේ දැක්වේ.

තවත් සියයට 20 ක් පමණ එම රෝගයට ගොදුරුවීමේ අවධානමකට මුහුණ දී ඇති අතර පසුගිය වසර තුනහමාර තුල රජය විසින් දුම්කොළ පනත, ඖෂධ පනත, පැණි බීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ඇති කිරීම, සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීම තුලින් ජනතාව බෝනොවන රෝග වලින් මුදා ගැනීමට කටයුතු කිරිම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇගයීමට ලක් කළ බව මන්ත්‍රීවරයා  සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දියුණුව ලෝක ප්‍රජාවම ඇගයීමට ලක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බහු ජාතික පැණිබීම සමාගම් වලට යට වී ජනතාව බිලිදීමට ගත් තීරණය පිළිකුලෙන් හෙළා දකින බවද මන්ත්‍රිවරයා පැවසීය.

Read more

Local News