නැවත රටට ගොඩ එන විදියක් ගැන සජිත් කියයි

Share

ජනපතිවරයා විසින්ම රට තුළ ඇති කළ ව්‍යාකූලත්වය විසඳිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පස්වරුවේ ගම්පහ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය ඔක්තෝබර් 26 සිට ඇතිකළ ව්‍යවස්ථා විරෝධි පියවර හකුලා ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එසේ කළහොත් නැවතත් රටට ගොඩ එන්නට හැකියාවක් තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News