යුක්තියේ යාත්‍රාව තංගල්ල‍ෙන් ගමන් අරඹයි

Share

එක්සත් ජාතික පක්ෂයේ “යුක්තියේ යාත්‍රාව” රථ පෙළපාලිය අද (02) දෙවන දිනට තංගල්ල නගරයෙන් ගමන් ආරම්භ කළේය.

එහි තේමාව වන්නේ “මෛත්‍රී -මහින්ද ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු” යන්නයි.

මෙම රථපෙළපාලිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹින් ඊයේ (01) ආරම්භ වූ අතර එය මහියංගණය නගරය දක්වා අද ගමන් කිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙළපාලිය ඊයේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වූයේ  ආගමික වතාවත්වලින් අනතුරුවයි.

Read more

Local News