බලහත්කාරයෙන් හදාගත්ත ආණ්ඩුවේ පැවැත්මක් නැති බව ටිල්වින් කියයි

Share

එට තුල උද්ගත වි තිබෙන දේශපාලන තත්ත්වය හමුවේ රට ආරාජික තත්ත්වයට පත්ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (02) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වන විට රට ආරාජික වී තිබෙන බවත් මෙම ආරාජික තත්ත්වය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනත් දේවල් සිදු කිරීමට යොමු වී තිබෙන බව ටිල්වින් මහතා පැවසීය.

බලහත්කාරයෙන් සාදාගත් ආණ්ඩුවට පැවැත්මක් නොමැති බව දැනගෙන සිටියදීත් ආණ්ඩුව බලහත්කාරයෙන් පවත්වාගෙන යෑමට උත්සහා කරන බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඡන්දයකට නොයා රටේ ඡන්දයකට යොමු වන්නේ කෙසේද යනුවෙන්ද ඔහු පැවසීය.

එසේම පසුගිය දිනවල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තුවේ රහස් සාකච්ඡා පැවති බව කවුරුත් දන්නා කරුණක් වන බවත් එලෙසින් ජනතාවට රහසින් ඔවුන්ට කතා කිරීමට පවතින්නේ කුමන කරුණු සම්බන්ධයෙන් දැයි ඔහු මෙහිදී විමසා සිටියේය.

ඔවුන් එලෙසින් කතා කළේ කුමක්ද යන්න පිළිබඳව දෙදෙනාම තවමත් මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකළ බවත්, පාර්ලිමේන්තුවේ සිදු කළ සාකච්ඡාවක් වන බැවින් එහිදී ගත් තීරණ හෝ නිගමන කුමක්දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළ යුතු බවත් ඔහු පැවසීය.

Read more

Local News