රනිල්‍ බුෂ්ට ලිපියක් ලියයි

Share

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතා වෙත ලිපියක් යවා තිබේ.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක් වු ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ අයට කණගාටුව ප්‍රකාශ කරමින්ය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්,

“හිතවත් ජනාධිපති බුෂ් මහතාණෙනි,

ඔබේ පියාණන් වූ, අමෙරිකා එක්සත් ජනපදයේ හතළිස් එක් වැනි ජනාධිපතිවරයා වූ ගරු ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතාගේ අභාවය පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයන්ටත්, අමෙරිකානු ජනතාවටත් මාගේ සාතිශය සංවේගය පළ කරමි.

එතුමා මුළු ජීවිතය ම මහජන සේවය වෙනුවෙන් කැප කළ අසාමාන්ය් නායකයෙකි.  විශිෂ්ඨ නාවුක ගුවන් නැවියෙකු, රාජ්යස තාන්ත්‍රිකයෙකු, උප ජනාධිපතිවරයෙකු හා ජනාධිපතිවරයෙකු ලෙස ඔහු කළ විවිධ රාජකාරි, මුහුණ දුන් අභියෝග හා ඉලක්ක හා ඉටු කළ සේවාව අප සැම වෙත ආදර්ශවත් පෙළඹවීම් ඇති කළ අතර, අමෙරිකානු පරම්පරා ගණනාවකට මෙන්ම ලොව පුරා ප්‍රජාවට ද නිසි මග පෙන්වීම් සිදු කරනු ඇත.

ඔහු සතු විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික කුසලතා හේතුවෙන්, සියලු රාජ්‍ය ඒකරාශී කරගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව 1990 වසරේ අගෝස්තු මාසයේ දී කුවේටයට නිදහස ලබා දීමේ අරගලයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට හැකි විය.

ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ ක්‍රියාශීලී සාමාජිකයෙකු ලෙස, ඔහු හැම විට ම, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය පදනම් කරගත් ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටියේ ය. වෙහෙසුණේ ය.

සීතල යුද්ධය අවසන් කිරීම හා අවි පාලන සීමාවන් ගෙන ඒම ඔස්සේ ලෝක සාමය තහවුරු කරලීමට ඔහු කළ මෙහෙය මුළු මහත් ලෝක වාසීන් විසින් ම කෘතවේදීව සිහිපත් කරනු ඇත.

ලෝක නායකයින්ගේ විශ්වාසය හා ගෞරවය දිනා ගනිමින් ලෝකය හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ පෞරුෂය ඉහළට ඔසවා තැබීමට ඔහු සමත් විය.

සිය ධූර කාලයේත්, ඉන් පසුවත් ඔහු ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දැක්වීය. 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේ ඔබ නියෝජනය කරමින් අප රටට පැමිණියේ ය.

සුනාමි සහනාධාර ලබා දීමේ ප්‍රයත්නයන්ට නායකත්වය දුන් අතර, ජීවිත බේරා ගත් කුඩා දරුවන් වෙනුවන් විශේෂ කැපවීම් කරමින්, ඔවුන් ¼ කට දැඩි වේදනාවන් සඳහා අස්වැසිල්ලක් ලබා දීමේ කටයුතු වෙත පූර්ණ දායකත්වය ලබා දුන්නේ ය.

ගෙවුණු මාස කීපය තුළ අමෙරිකාවට ශ්‍රේෂ්ඨ නායකයින් දෙදෙනෙකු අහිමි විය. ඒ ඔබේ පියා සහ සෙනෙට් සභික ජෝන් මැකේන් ය. මේ දෙදෙනාගේ ම වියෝව අමෙරිකාවට පමණක් නොව මුළු මහත් ජගත් ප්‍රජාවටම දැරිය නොහැකි පාඩුවකි.

ඔබටත්, ඔබේ පවුලේ සාමාජිකයන්ටත් අපගේ බලවත් ශෝකය පිළිගන්වන අතර, ඔබේ පියා සිදු කළ මෙහෙවර හා ආරක්ෂා කළ විශිෂ්ඨ ගුණාංග හා අගයයන් අමෙරිකාවේ සහ මුළු මහත් ලෝකයේ අනාගත පරම්පරාවන්ට විශිෂ්ඨ ආදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක
2018.12.02  “

Read more

Local News