දේශපාලන අර්බුද නිසා ජනතාව අගතියට පත්වන බව සුජීව කියයි

Share

රට තුළ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය හරහා සාමාන්‍ය ජනතාව අගතියට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

අද රට පත්ව ඇති තත්ත්වය හමුවේ දැඩි අසීරුතාවයකට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන නොව මහජනතාව බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය‍.

පොහොර හෝ පෙට්‍රල් සහනාධාර අඩු කිරීම තුළින් මෙම තත්ත්වයන්ට හේතු සෙවිය නොහැකි බවත්, අද වන විට රට තුළ ආර්ථිකය සියයට 50 කින් ඇඳ වැටී ඇති බව ද කියා සිටියේය.

අද වන විට රටේ කීර්ති නාමය බිඳ වැටී ඇති බවත්, බහුතරය ඇත්තේ කාටද යන්න පාර්ලිමේන්තුව තුළ පෙන්වා ඇති අතර, නැවතත් රට යථාතත්ත්වයට පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බව ද සඳහන් කළේය.

Read more

Local News