ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

Share

රට තුල දැනට පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කිරීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට අවසර දෙන්නැයි ඉල්ලමින්  වෙත පෙත්සමක් බාර දී තිබේ.

අද (03) දින ලක්මව දියණියෝ කාන්තා සංවිධානය විසින් අදාළ පෙත්සම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත බාර දි තිබේ.

ජනතා පරමාධිපත්‍යය තහවුරු කෙරෙන මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් මෙම අස්ථාවරභාවය නිමාවකට පත් කළ හැකි බවද පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට අනුමැතිය දෙන මෙන් එම සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News