ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වැඩිවීමක්

Share

පසුගිය මාසය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ වර්ධනයක් සිදුව ඇති බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසයි.

වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවිමේ ස්ථාන වැඩිවිම මීට හේතුව බවයි ඩෙංගු රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව එම මහත්මිය සඳහන් කළේය.

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 44, 556ක් වාර්තා වී ඇති බව ද කෙසේවෙතත් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ සියයට 75ක පමණ රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ද ඇය පැවසීය.

Read more

Local News