කොටින්ගේ ආයුධ රැසක් හමුවෙයි

Share

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම යුද උපකරණ තොගය සොයාගෙන අැත.

පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්ගේද සහය මත පුදුකුඩිඉරිප්පු පොල්ස් වසමට අයත් සුදන්තිරපුරම් රක්ෂිතයේ දී අදාළ යුද උපකරණ තොගය සොයාගෙන ඊයේ(02) දින නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

Read more

Local News