කෝටි 700යේ දියමන්තියට විද්ද මාතර මල්ලී දැලේ

Share

ඇරැව්වල කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුළු වී රු. කෝටි 700ක් වටිනා දියමන්ති හා මැණික් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන” මාතර මල්ලී” අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරකට අනුව රත්මලාන මැලිබන් හන්දියේදී 38 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දියමන්ති හා මැණික් කොල්ලකෑමට කොල්ල කල්ලිය පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේදී ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි විදේශිකයකුද පැහැරගෙන යාමට සැකකරු සම්බන්ධ වී ඇත.

පැහැරගත් ව්‍යාපාරිකයා මහරගම ප්‍රදේශයේදී අතහැර දමා ගොස් ඇති අතර ඔහු පසු දිනම විදේශ ගත වීම නිසා ව්‍යාපාරිකයාගේ ගනු දෙනු කරුවකු වූ මෙම විදේශිකයා ගැනද මේ වන විට පොලිසියේ සැකය මතු වී ඇත.

මෙම මංකොල්ලය සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඩුබායි හී සැගව සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ට පැහරගත් දියමන්තිය හා මැණික් ලබා දී ඇතැයි තොරතුරු ලැබී ඇත.

”මාතර මල්ලී’ අත්අඩංගුවට ගැනීමට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔරුවල ‘ඉන්දික නාලක’ නමැත්තකු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News