අගමැතිධූරයට එරෙහි පෙත්සම් ගැන තීන්දුව සවස 3ට

53

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද සවස 3.00ට ලබාදෙන බව අභියාචනාධිකරණය සඳහන් කර තිබේ.

එම පෙත්සම් පසුගිය (30) දින හා අද (03) දින අභියාචනාධිකරණය විසින් සලකා බැලීම සිදුකෙරුණි.

මෙම පෙත්සම මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව අභියාචනාධිකරණයට පසුගියදා ඉිදිරිපත් කරනු ලැබු අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය 26 දා පළමුවරට විභාගයට ගනු ලැබිය.