විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිලේදී ඇරඹේ

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපයේ වැඩකටයුතු අද (03) දින ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා  ජී. ජයසේන මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

බිබිල කරාඬුගල විහාරස්ථානයේදී මෙහි ප්‍රධාන උත්සවය පැවැත්වුණු අතර ගොවීන් වෙත පැණි දොඩම් පැළ බෙදා දීම ද සිදු කෙරිණි. මුල් අදියර යටතේ පැණි දොඩම් පැළ 85,000ක් ගොවීන් අතර බෙදා දීමට සැලසුම් කර ඇත. අක්කර 2200ක පැණි දොඩම් වගා කෙරෙන අතර එම ඉඩම්වල වගා කෙරෙන සමස්ත දොඩම් පැළ ප්‍රමාණය ලක්ෂ 4කි. සමස්ත වගාවෙන් අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 30කි. මෙම අස්වැන්න මිලදී ගැනීම සඳහා දැනටමත් දේශීය පුද්ගලික ආයතන දෙකක් සහ විදේශීය ආයතනයක් ඉදිරිපත් වී ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ බිබිලේ පැණි දොඩම් වගා කිරීම කලාප මට්ටමෙන් වගා කිරීම නැවත ආරම්භ කරනු ලැබුවේ පැණි දොඩම් වගාවට ගොවීන්ගේ අවධානය යොමු කිරීමටත්, දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් සම්භාරයක් මේ රටේම ඉතිරි කර ගැනීම සඳහායි.

Read more

Local News