පාසල් පද්ධතියට උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් නොවන කිසිවෙක් බඳවා නොගැනේ – අමාත්‍ය අකිල විරාජ් මහතා

Share

විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 3736 දෙනෙකුට ගුරුපත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (20) අරලියගහ මන්දියේදී පැවැත්විණි.

එම උත්සව අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් කිරීමත්, ප්‍රමිතිය හා ගුණාත්මක බව ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් ඉදිරියේ දී පාසල් පද්ධතිය තුළට උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් නොවන කිසිවෙක් බඳවා නොගැනීමට සුදානම් වන බවයි.

එමෙන්ම අධ්‍යාපන මට්ටම අනුව වැටුප් දීමනා වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News