ජෝර්ජියාවෙත් මැතිවරණයක් ඉල්ලා විරෝධතා

18

ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය එරට තුළ දැඩි අර්බුදයකට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරුද්ධව එරට වැසියන් විරෝධතාවයක නිරත වි තිබේ.

ඊට විරෝධය පළකරමින් තිබිලිසි අගනුවර පැවති විරෝධතාවට දහස් ගණන් පිරිස් එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර මැතිවරණයෙන් පරාජය වූ ග්‍රිගොල් වැෂඩ්සේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධව අධිකරණයට යෑමට සූදානමින් සිටින අතර එම මැතිවරණය සාපරාධී නාටකයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ සැලොම් සුරබිෂිවිලිට සියයට 59ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර එහිදී ග්‍රිගොල්ට ලබාගත හැකිවූයේ සියයට 40 ක ඡන්ද  ප්‍රතිශතයක් පමණක් වු අතර ජෝර්ජියා ජනාධිපති ධුරයට පළමුවරට කාන්තාවක් තේරී පත් වූ අවස්ථාව මෙයයි.

මේ අතර ග්‍රිගොල් සිය ආධාරකරුවන් අමතමින් පවසා ඇත්තේ මෙය විසඳා ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවයි.