ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

Share

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් අද(04) සිට දින තුනක් අඛණ්ඩව විභාග කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු පෙත්සම්කරුවන් දහතුන් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් අද සිට විභාග කිරීමට නියමිතය.

පසුගිය නොවැම්බර් 13 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ද මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කළේය.

මෙම තහනම් නියෝගය ලබන 07 වන දින දක්වා වලංගු වෙයි.

Read more

Local News