රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ – ජනපති

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඕනෑම අයෙක් නම් කරන්නේ නම් හෙට වුවද ආණ්ඩුව ලබාදිය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

මේ බව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකයන් විසින් සිය අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරීමට තීරණය කළ බව මෙහිදී ජනපතිවරයාට සඳහන් කර ඇති අතර ජනපතිවරයා අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඉහත අදහස් දක්වා ඇත.

ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

“අපි එතුමට කිව්වා පාර්ලිමේන්තුවේ බහුතරය අැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා. ජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි” යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනපති හා පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවැසීය.

Read more

Local News