දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවරක්

Share

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පල කළ බව දෙමළ ජාතික සන්ධානය පැවසීය.

එහි නායක ආර්.සම්බන්ධන් මහතා සඳහන් කළේ ඉදිරි සති දෙක තුළ ඒ සම්බන්ධයෙන් යළිත් වරක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරිමට නියමිත බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03)  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News