සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක

Share

ක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වීමට සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය අද (04) දිනයේ සිට තීරණය කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ විමර්ශන නිලධාරීන්ට වෙළෙදසැල් හිමියෙකු විසින් සිදුකළ පහරදීමකට විරෝධය පල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බව එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කර තිබේ.

අදාළ පහරදීමේදී විමර්ශන නිලධාරියෙකු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පහරදුන් වෙළෙදසැල් හිමිකරු ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කර ඇති බව ලංකා දික්කුඹුර මහතා පැවසීය.

එම සිද්ධියේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ක්‍රියාකලාපය හෙලා දකින අතර එයට විරෝධය පල කරමින් අද දිනයේ සිට ක්ෂේත්‍ර  හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වන බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය වැඩ්දුරටත් සදහන් කර ඇත.

Read more

Local News