පොලීස් නිලධාරීන් ඝාතනයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු වව්නතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් නමැති කරයාකන්තිව්, කන්නන්කුඩා ප්රරදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු ද වන බව වාර්තා වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

මේ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News