රටේ ආර්ථීකය කාබාසිනියා කළේ රනිල් බව වීරවංශ කියයි

Share

පකිස්ථානයේ මෙන් බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි අධිකරණ පද්ධතියක් මෙරට ඇති බව තමන් තවමත් විශ්වාස කරන බව නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා දේදුනු කුමන්ත්‍රණයේ අවසානය කුමක් ද? යන තේමාව යටතේ මහරගම යොවුන් රඟහලේදී පැවැති ජනසමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ආර්ථීකය කාබාසිනියා කළේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් මේ ගෙවී ගිය වසර තුනහමාර තුළ ආණ්ඩුව හා විපක‍ෂය ලෙස කටයුතු කළේ එකම රෑනේ කුරුල්ලෝ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් අදහස් දක්වමින් “අද මේ අප ඉදිරියේ තිබෙන සටන රනිල් – මෛත්‍රී හෝ රනිල් – මහින්ද අතර සටනක් නොවනෙ බවත් එය ස්වදේශිකත්වය ද, විදේශික පරගැති හවුලකට යටත් වෙනවා ද? යන්න බව කියන කාරණය සම්බන්ධයෙන් වන පුළුල් සටනක්” වන බවයි.

Read more

Local News