මාන්කුලමේ දී වන අලියා තැපෑලට බිලිවෙයි

Share

මාන්කුලම් පනික්කන්කුලම් ප්‍රදේශයේදී අද(04) උදෑසන දුම්රියකට හසුවීමෙන් වන අලියෙකු මියගොස් තිබේ.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියට මෙම වන අලියා අසුව ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ, මිය ගිය අලියා මීට පෙර විශාල වෙඩි තැබීම් කීපයකට ලක්ව උගේ සිරුරේ තුවාල රැසක්ම තිබී ඒවා සුව වී ඇති බවයි.

මාන්කුලම පොලීසිය සිද්ධිය පිලිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

Read more

Local News