අර්ජුනට එරෙහි නඩුවත් ජනවාරියේ

Share

පසුගියදා ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී සේවකයින්ට පහර දී කලහකාරී ආකාරයට ඇසුරුණු බවට සැක කෙරෙන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ පැමිණිල්ල කැඳවු ලැබීය..

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් එම ප්‍රකාශ තුළින් පැමිණිලිකරුට පහර දීම පිළිබඳව තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියි.

ඒ අනුව නැවත පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉකුත්දා අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබීය.

Read more

Local News