දේශපාලඥයන් බලන්නේ තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්න පමණක් බව සජිත් කියයි

Share

මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) දින ශ්‍රේෂ්ඨාධිකරණය ආසන්නයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ” මේ දඟලන්නේ නීතිය ඉහළට ගේන්නද? මේ දඟලන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකින්නද? දේශපාලකයන් මේ රටේ  තාවකාලික භාරකරුවන් පමණයි. දේශපාලඥයන් බලන්නේ තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නයි. දැන්වත් මේ නාඩගම නැවැත්විය යුතුයි. දැන්වත් මේ විහිලුව නැවැත්විය යුතුයි.

පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දිය යුතුයි. එවිට අපි ඔක්තෝබර් 26 දා පෙර පැවැති ආණ්ඩුව නිර්මාණය කරනවා.  අවනීතියෙන් ඉවත් කළ අගමැතිවරයා නැවත පත්කළ යුතුයි.”යැයි වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News