ලාංකීකයා ත්‍රස්තවාදියෙකු කළ ක්‍රිකට් සොහොයුරා දැලේ

Share

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර දී අද(04) උදෑසන ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජා එරට ත්‍රස්ත විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

එ් ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් නිෂාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික සරසවි සිසුවා ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට හේතු වූ කුමන්ත්‍රණය හේතුවෙනි.

ඕස්ට්‍රේලියානු නායකයන් ඝාතනය කිරීමටත්, සිඩ්නි නුවර පිහිටි විශේෂ ස්ථානවලට ත්‍රස්ත්‍ර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් මසකට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි අතර ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය පියවර ගනු ලැබුවේය.

එම ප්‍රහාරයක සැලසුම් බවට සඳහන් කෙරුණු සටහන් පොත නිසාම්ඩීන්ගේ අත් අකුරු නොවන බව හෙළිදරව් වූ පසු ඔහුට ඇප ලබාදුන් අතර, පසුව ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ද ඉවත් කර ගැනුණි.

ඒ ඔහු කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

Read more

Local News