පොලීසියේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් කාන්තාවක් ජිවිතක්ෂයට

55

ප්‍රංශයේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පැවති  විරෝධතා අතරතුර පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාව සිය නිවසේ සිටියදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වී ඇති අතර  රෝහල් ගත කර සැත්කමකට භාජනය කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ ඇති වූ කම්පනය මෙම මරණයට හේතුවී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 80 හැවිරිදි ප්‍රංශයේ මර්සීල් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර ඒ අනුව ප්‍රංශයේ පැවති විරෝධතා අතර තුර මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.