වෑන් රථයේ නින්ද ගිය රියදුරු සදහටම නින්දට යයි

Share

අද(04) අළුයම අහංගම පොලිස් වසමේ ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

අඟුණුකොළපැලැස්ස සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කටුනායක සිට වැලිගම දෙසට ගමන් කරමින් තිබු විදේශිය යුවලක් රැගත් වෑන් රථයක් බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

වෑන් රථයේ රියදුරට නින්ද යෑම නිසා අනතුර සිදුවු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, බස් රථයේ රියදුරු ඇතුළුව තවත් සිව් දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වෑන් රථයේ රියදුරු පසුව මියගොස් තිබෙන අතර අහංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News