ජනපතිට ආණ්ඩු දුවවන්න බැරි බව රාජිත කියයි

Share

දැනට ජනපතිවරයාට කැමති පුද්ගලයෙක් අගමැති ලෙස පත්කළ හැකි බවට වන ප්‍රතිපාදයක් ව්‍යවස්ථාවේ නොමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගන්නා මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) අරලිය ගහ මන්දිරියේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ  “එතුමාට වැඩකරන්න පුළුවන් අගමැති පත්කරන්න නෙමෙයි ව්‍යවස්ථාවේ කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් කැමති පුද්ගලයෙක් තමයි අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන්න පුළුවන්.

එතුමා කියනවා තදින් හිටියොත් එතුමා අයින් වෙනවා කියලා. ඒක කරන්නත් පුළුවන් එතුමටයි. ව්‍යවස්ථාව අනුව තව තිබෙනවා දෝෂාභියෝගක්. එකෙන් කරන්න පුළුවන් ඉවත් කරන්නයි.

මේ රටේ අමාත්‍යාංශයක අමාත්‍යවරයෙක් නැතිව කිසිම තීන්දුවක් ක්‍රියාත්ම වෙන්නේ නෑ. රට විශාල ලෙස ගැටලුවකට යනවා. ඊයේ වන විට මහනුවර රෝහලේ පිළිකා ඖෂධ කිසිවක් නෑ. ජනපතිතුමා එයාට ඕන අගමැති කවුද කියලා තෝර තෝර ඉන්නවා. මේ ඉතිහාසයේ දෙවැනි අවස්ථාවේ. පළමු කෙනා රෝමයේ නිරෝ. රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර හිටියා.

මෙතුමත් එහෙමයි. එතුමට ආණ්ඩු දුවවන්න කිව්වාම එතුමා පක්ෂ සම්මේලනයට යනවා. එතුමා කතා කරලා එනවා. මෙහෙම රට දුවන්න බෑ. ” බවයි.

Read more

Local News