කාසල්රි ජලාශයෙන් ගලන තෙල් ගැන සොයන්න පිරිසක් යයි

Share

ජාතික විදුලි බල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට ගලාගෙන එන තෙල් සහ තැන්පත් වි ඇති තෙල් තට්ටුව පිලිබඳව සොයා බැලිමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක් අද(04) කාසල්රි ජලාශයේ පරික්ෂණ චාරිකාවක නිරත වුණි.

කාසල්රි ජලාශයට විශාල වශයෙන් පසුගිය දින කිහිපය තුළ තෙල් තට්ටුවක් ගලාවිත් ජලාශ වේල්ලේ තැන්පත් විම සම්බන්ධයෙන් එම ජලාශ භාර ආරක්ෂ නිලධාරින් විසින් මධ්‍යම පරිසර අධිකාරියට කල දැනුම්දිමක් හා එ් පිලිබඳව මාධ්‍යය මගින් ප්‍රචාරය විමෙන් අනතුරුව එ් පිලිබඳ සොයා බැලිමටයි මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් භාර පරික්ෂක නිලධාරින් පිරිසක් අද කාසල්රි ජලාශ වේල්ල අසලට පැමිණියේ.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් සමඟ සාකච්ඡා කර කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය සහ දික්ඔය ඇළ මාර්ගයද මධ්‍යම පරිසර අධිකරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක් කරනු ලැබීය.

මෙම නිරික්ෂණ චාරිකාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සැකකරන්නේ කාසල්රි ජලාශයට තෙල් තට්ටුවක් මුසු වි ඇත්තේ කෙසෙල්ගමුඔයෙන් හෝ දික්ඔය ඇළ මාර්ගයෙන් නොවන බවයි, කාසල්රි ජලාශය අවට පරිසරයෙන් මෙම තෙල් ජලාශයට ජලාශයට මුසු වි ඇති බවට එම නිලධාරින් සැකකරයි. ජලාශයේ තැන්පත් වි ඇති ඉන්ධන සාම්පල් පරික්ෂාවකට ලක් කර එ පිලිබදව පුර්ණ නිගමනයකට පැමිණෙන බවයි එම නිරික්ෂණ චාරිකාවට එක් වු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් කියා සිටියේ. කාසල්රි ජලාශයේ ජලය විදුලි උත්පාදනයෙන් අනතුරු එම ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.

Read more

Local News