කේරළ ගංජා සමඟ 3ක් අත්අඩංගුවට

Share

වවුනියාවේ නොචිචිමුට්ටේ ප්‍රදේශයේදී පොලීසිය විසින් අද(04) දහවල් කේරළ ගංජා කිලෝ එකක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථයකින් සැකකරුවන් යාපනයේ සිට මෙම කේරළ ගංජා කිලෝව කොළඹ දක්වා රැගෙන යමින් තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සැකකරනු ලබන්නේ පසුගිය දිනවල වවුනියාවේදී අවස්ථා කීපයකදීම ගංජා අත්අඩංගුවට ගත් නිසා සැකකරුවන් අත්හදා බැලීමක් වශයෙන් මේ ගංජා කිලෝව රැගෙන එන්නට ඇති බවයි.

සැකකරුවන් වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Read more

Local News