බස් රථයක ගැටී පදිකයෙක් මරුට

Share

අද(04) උදෑසන 10.45 ට පමණ කඩුගන්නාව පොලිස් වසමේ කොළඹ-මහනුවර, මාර්ගයේ රිය අනතුරක් සිදු වී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පිළිමතලාව ප්‍රදේශයේ දී මහනුවර දෙසට ධාවනය වු ලංගම බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පුද්ලගලයෙකු ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ 40 හැවිරිදි පදිකයා කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News