ජනපති හරියට දැන් වලං කඩේට පැනපු ගොනා වගේ – සංජිව්

Share

“ජනාධිපති ඔක්තොම්බර් 26 වැනිදා ඉඳල නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ.දැන් කට උත්තරත් නෑ.ජනාධිපතිතුමා දැන් ජාතිය අමතන එකත් නතර කරල. රටම ආරාජික වෙලා.“යැයි දකුණු පළාත් සභ මන්ත්‍රී රත්ගම එජාප සංවිධායක සංජිව් කරුණාතිලක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රත්ගමදි පැවති මාධ්‍ය හමුවකදිය.

කරුණාතිලක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් “ජනාධිපති හරියට දැන් වලං කඩේට පැනපු ගොනා වගේ. කරන දේවල් ගැන කිසිම තේරුමක් නෑ. නීතිය ගැන අවබොධයක් නෑ. නීතිවිරෝධි ආණ්ඩුව නීතිය ඉදිරියේ ප්‍රතික්ෂේපයි. ස්වාධින අධිකරණය ගැන අපිට විශ්වාසයි. ඒ නිසා ජනවාරි 08 අපි දුන්න ඡන්දෙ වටිනාකම ගැන ආඩම්බරයි. එතුමා සඳහන් කරන විදිහට මන්ත්‍රීවරු 225ම අනුමත කරත් අගමැති රනිල් පිළිගන්න බෑලු. එහෙනම් අපි මැතිවරණෙකින් දිනුවත් වැඩක් නෑ. එනිසා මේ ජනාධිපති ගැන සත පහක විශ්වාසයක් අපිට නෑ. අපි ඉල්ලනවා ජනාධිපතිවරණයක්. පැහැදිලිවම ජනාධිපතිවරණයක් අපිට උවමනයි. කුමන්ත්‍රණකාරීව ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කල මේ ජනාධිපති එක්ක අපිට දිග කන්න කිසිම උවමනාවක් නෑ” වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News