නිති විරෝධීව මැණික් ගරමින් සිටි 4ක් දැලේ

Share

බගවන්තලාව, ශ්‍රීපාද රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සතුව තිබී මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ඔවුන් බගවන්තලාව සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද(05) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News