ගෞතම් ගාම්බීර් ක්‍රිකට් පිටියට සමුදෙයි

Share

ඉන්දියාවෙන් බිහිවූ සුපිරි වමත් පිතිකරුවෙක් වන ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

2003 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලියේදී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගත් මෙම වමත් පිතිකරුවා මේ වනවිට පසුවන්නේ 37 වන වියේයි.

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 58ක් සහ එක්දින තරඟ 147කට සහ පන්දුවාර 20 තරග 37කට ක්‍රීඩාකර ඇති ගෞතම් ගාම්බීර් සැලකෙන්නේ ඉන්දියාවෙන් බිහි වූ සාර්ථක ආරම්භක පිතිකරුවෙකු ලෙසයි.

ගාම්බීර් මේ වනවිට ටෙස්ට් ලකුණු 4154ක් එක්දින ලකුණු 5238ක් සහ පන්දුව විස්සයි විස්ස ලකුණු 932ක් රැස්කරගෙන සිටියි.

Read more

Local News