යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

Share

කල්පිටිය සිට පාලවිය දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදියක් සහ පාලවිය සිට කල්පිටිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නාවක්කාඩුව ප්‍රදේශයේදී එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස රියඅනතුරෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වෙයි.

අදාළ රිය අනතුර සිදුව ඇත්තේ දෙපාර්ශවය අතරම යතුරුපැදි වල වේගය තම තමන්ට පාලනය කර ගැනීමට නොහැකිව යාම නිසාවෙන් බවයි පරික්ෂණ පවත්වන නොරොච්චෝල රථ වාහන පොලීසිය සඳහන් කරන්නේ.

Read more

Local News