පිටියේගෙදර රජමහා විහාරයේ කොත නිරාවරණය කිරීම අගමැති සහභාගීත්වයෙන්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර, වත්තේගම, පිටියේගෙදර රජමහා විහාරස්ථානයේ දී විහාර මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය පැවත්විණි.

එම අවස්ථාවට ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියන්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ මධ්‍යම පළාත් මහඇමැති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගී විය.

Read more

Local News